Lakgal Resort

Lakgal Resort Spend your vacation right next to a lake at a very affordable price

16/10/2024
Riveston යමුද ⛰️ ඔන්න ඔයාලට ගෙනාව අලුත්ම අලුත් පට්ටම පට්ට traveling plan එකක්. රිවස්ටන් ගිහින් නිදහස් තැනක නැවතිලා එන්න ...
06/10/2024

Riveston යමුද ⛰️

ඔන්න ඔයාලට ගෙනාව අලුත්ම අලුත් පට්ටම පට්ට traveling plan එකක්. රිවස්ටන් ගිහින් නිදහස් තැනක නැවතිලා එන්න යමුද. මේකෙන් එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් නෙමෙයි තුන්දෙනෙක් නෙලාගන්න පුලුවන් චාන්ස් එකක්.

අපි හැමෝටම පුද්ගලික වාහන වල අවිදින්න සල්ලි නෑනෙ. මේක අඩු මුදලකින් කරන්න පුලුවන් පට්ට වැඩක්.
යාලුවො එක්ක, family 👨‍👩‍👧වගේම couple 👫 වලටත් මේක පට්ට.

මුලින් ඔයාල උදා 6 වෙද්දී මතලේට එන්න ඕනි. මාතලේන් තියනව 6ට මහියංගන බස් එකක්🚍. එකේ නැගලා රිවස්ටන් වලට ටිකට් ගන්න. 7 වෙද්දී රිවස්ටන් වලින් බැහැලා, ඔයාලට රිවස්ටන් කන්ද🏞️ නගින්න පුලුවන්. කොහොමහරි 9.30 වෙද්දී ආයෙ බස් එකෙන් බැහැපු තැනටම එන්න.

9.30 වෙද්දී රිවස්ටන් වලට එන හෙට්ටිපොළ බස් එකට නැගලා පුලුවන් නම් දකුනු පැත්තෙ ඉදගන්න. පට්ට ලස්සන view එකක් බලාගන්න පුලුවන්.

ඔන්න දැන් තමා වැඩේ. බස් එකට නැග්ගට ටිකට් ගන්න ඕනි තැන කීවෙ නෑනෙ. ඔයාල "නව ගුරුවල" ට ටිකට් ගන්න. එතන තියනවා අපේ guest house එක. පට්ටම නිදහස්. ඔයාලට පාඩුවේ ඉදලා යන්න පුලුවන් වැවක් අයිනෙ තියන පට්ට තැනක්🏝️.
මෙතනින් බහිනකොට 11.30 වගේ වෙනවා. ඔයාලට ඕනිනම් වැව අයිනෙ camping කරන්න අවශ්‍ය කටයුතු සූදානම් කරන්නත් පුලුවන්.

අපෙන් ඔයාලට,
රාත්‍රි ආහාරය 🍜
උදේ ආහාරය 🍜
හවස තේ☕
උදේ තේ ☕
ඇතුලු සියලු නවාතැන් පහසුකම් සමගින් එක් අයෙකුට රුපියල් 2500 වගේ සුලු මුදලකට මේ සියලු දේ සපයනවා. දෙන්නෙක්ට උනත් එන්න පුලුවන්.
(උදේ 6 බස් එක මාතලේන් අල්ලගන්න බැරි උන අයට 7.50ට මාතලේන් එන බස් එකෙත් එන්න පුලුවන්. ලස්සන view එකක් බලාගන. හැබැයි බහින්න වෙන්නෙ නෑ. බැස්සොත් එන්න බස් එකක් නෑ.😀)

සැ.යු. ඉල්ලුම වැඩි නිසා කල් වේලා ඇතිව වෙන්කරවාගන්න.

(පහුවදා ඕන වෙලාවක දඹුල්ලට , මාතලේට යන්න බස් තියනවා මොරගහකන්ද ජලාශය එහෙමත් බලන් යන පුලුවන් )

බස් වල එන යන වෙලාවල් මන් පහලින් දාන්නම්.
0772049987 දුරකථන අන්කයට කතා කරල වේලාවක් වෙන්කරවාගන්න.
ඉක්මන් කරන්න, 2500ට මෙච්චර දේවල් කොහෙවත් නෑ. (මේ offer එක සීමිත කාලයකට පමනයි )
077 204 9987

Address

Nawa Guruwela, Laggala
Matale
21520

Website

Alerts

Be the first to know and let us send you an email when Lakgal Resort posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category