Ruvi Sweet Heart Cakes

Ruvi Sweet Heart Cakes Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ruvi Sweet Heart Cakes, Cupcake Shop, Habaraduwa, Galle.

02/07/2025

Happy Customers 🖤

Thank you for believing me and placing your order 🥰
Visit and have a delicious cakes 🍰👩‍🍳
Ruvi Sweet heart Cakes ❤️ Made with care 🤲

An order from a customer who doesn't like chocolate ganache. 😁🫣

කේක් වර්ග ...❤💐
02/07/2025

කේක් වර්ග ...❤💐

02/07/2025
Udani Tharuka හදිසියේ ම හොදම යාලුවා වෙනුවෙන් හැදුව කේක් එකක්. හොදින් වැඩ ටික කරගන්න මැනිකහ් බුදු සරනයි ..❤🙏
02/07/2025

Udani Tharuka හදිසියේ ම හොදම යාලුවා වෙනුවෙන් හැදුව කේක් එකක්. හොදින් වැඩ ටික කරගන්න මැනිකහ් බුදු සරනයි ..❤🙏

දක්ෂ කේක් නිර්මාණ ශිල්පිනියක් කියන්නේ සාමාන්‍ය කෙල්ලෙකුට නෙවෙයි ,ඇයට නිවුන හිතක් තියෙන්න ඔන ඇය නිර්මාණශීලී වෙන්න ඔන ඇය ඉ...
02/04/2025

දක්ෂ කේක් නිර්මාණ ශිල්පිනියක් කියන්නේ සාමාන්‍ය කෙල්ලෙකුට නෙවෙයි ,
ඇයට නිවුන හිතක් තියෙන්න ඔන
ඇය නිර්මාණශීලී වෙන්න ඔන
ඇය ඉවසන්න ඔන
ඇයට හොද දැක්මක් තියෙන්න ඔන
ඇයට නිර්මාණ රස ව්දින්න පුළුවන් වෙන්න ඔන ,
ඇයට ලස්සන හදවතක් තියෙන්න ඔන...
තමන් ගැන ආත්මතෘප්තියක් තියෙන්න ඔන
ඇයට හාස්කම් කරන්න පුළුවන් වෙන්න ඔන
ඇයට තවත් කෙනෙකුගේ සතුට හමුවේ අසිම්තව සතුටු වෙන්න පුළුවන් වෙන්න ඔන
ඇයට සීමා රහිතව වැඩ කරන්න පුළුවන් වෙන්න ඔන
කේක් නිර්මාණය කියන්නේ ලෝකේ තියන නිර්මාණශිලිම වෘත්තීයක්,
මේ හැම දේම එකට මුහු කර ගන්න ඇයට හොද අධ්‍යාපන මට්ටමක් තියෙන්න ඔන...
මේ සියල්ලගෙන් පරිපුර්ණ ඇය වට්නාකම්න් මිල කරන්න බැරි සුන්දරම වස්තුවක් 🤍🤍🤍

Cd 😍

කප් කේක් සහ මෆින් අතර ඇති වෙනස කුමක්ද?මෙම ප්‍රශ්නය වසර කීපයක්   බේකරි ශිල්පය සහ කේක් ඩෙකරේටර් යන වෘත්තීන්වල  NVQ න්‍යායි...
01/04/2025

කප් කේක් සහ මෆින් අතර ඇති වෙනස කුමක්ද?

මෙම ප්‍රශ්නය වසර කීපයක් බේකරි ශිල්පය සහ කේක් ඩෙකරේටර් යන වෘත්තීන්වල NVQ න්‍යායික විභාග සදහා අසා තිබුනි.

බොහෝ දෙනා මෙම පහසු පැනයට පිළිතුරු සපයා තිබුණත් ලබා දී තිබුණු පිළිතුරු බොහෝමයක් නිශ්චිත පිළිතුරු නොවීය.

කප් කේක්, මෆින් වලට වඩා සැහැල්ලු සහ මෘදු වයනයක් සහිතය..මෆින් සහ කප් කේක් වල අමුද්‍රව්‍යවල බෙහෙවින් සමාන වූවත් මතුපිට මෆින් වල අයිසින් එකක් නොමැතිකම හේතුවෙන් මෆින් වල මේද ප්‍රමාණය හා සීනි ප්‍රමාණය කප් කේක් වලට වඩා අඩුය. මෆින් නිපදවීමේදී ඝන බැටරයක් ​භාවිතා කරන අතර එමඟින් තරමක තද වයනයක් ලබා දේ. ඒවා පැණිරස වන අතර අයිසිං භාවිතා කිරීමක් දැකිය නොහැක, කප්කේක් සැහැල්ලු සහ සුදුමැලි වයනයක් සහිත මිහිරි රසයක් වන අතර සෑම විටම ඉහළින් අලංකාරණය සදහා අයිසින් වර්ග භාවිත කරයි.

අද අපි බලමු බටර් අයිසින් හදන විදිහ. 1 බටර් 2002 අයිසින් සුගර් 425 3 වැනිලා තේ හැඳි 1සාදන ක්‍රමය 👧 මුලින්ම බටර් ටික හොදින...
01/04/2025

අද අපි බලමු බටර් අයිසින් හදන විදිහ.

1 බටර් 200
2 අයිසින් සුගර් 425
3 වැනිලා තේ හැඳි 1

සාදන ක්‍රමය
👧 මුලින්ම බටර් ටික හොදින් බීට් කරන්න. පාට අඩුවන තුරුම.normal speed එකේ .බටර් ටිකේ පාට අඩු වීගෙන එද්දී අයිසින් සුගර් ටික ටික දාලා හොඳින් බීට් කරන්න. දැන් අයිසින් ටික බීට් වූ පසු වැනිලා එසන්ස් දාලා නැවතත්. හොඳින් බීට් කරන්න. මේ අයිසින් එකේ පදම තමයි අයිසින් එක මත හැන්දක් තියලා තද කරලා හැන්ද උස්සලා ගත්තම උල වගේ එනවනම් අන්න ඒක තමයි හරි පදම. එහෙම නෑ කියන්නේ අයිසින් එක තව බීට් කරන්න ඕන කියලා. ඇත්තටම අපිට අයිසින් එක හදන්න කිරි අවශ්‍යම නෑ. මං නම් කිරි දාන්නේ අයිසින් එක ඝන වුණාම. අයිසින් එක ඝන වුණොත් කිරි හෝ බටර් දාලා high speed එකේ බීට් කරන්න. ඒ වගේම අපි මේ අමුද්‍රව්‍ය ගන්නේ 1:2 අනුපාතයට. ඒ කියන්නේ අයිසින් සීනි 400 g නම් බටර් 200 g .හැබැයි මෙතනදි මම අයිසින් ටිකක් වැඩිපුර ගත්තා. ඒකට හේතුව මෙතනදී අපි කලරින් දානවා, එසන්ස් දාන නිසා අයිසින් එක දියවෙන්න බලනවා. ඒනිසා අයිසින් සීනි ටිකක් වැඩිපුර ගන්න. හැබැයි වැඩිපුර ගන්න කියන්නේ මේ මං සදහන් කරලා තියෙන අයිසින් 425 g ගන්න කියන එක නෙමෙයි. බටර් වලට අයිසින් ටික ටික දමමින් අවශ්‍ය පදමට හදාගන්න කියන එක. අයිසින් සුගර් එක පාරටම දැම්මොත් අයිසින් එක ඝන වෙනවා. අයිසින් එක ඝන වුණා ම කිරි දානවා. කිරි වැඩි වුනාම අයිසින් දානවා. එතකොට අයිසින් එක හරි පදමට එන්න නෑ.ඒ නිසා අයිසින් එකේ හරි පදම එන්නේ අයිසින් සීනි ඔබ දමන ක්‍රමය අනුව. මේ ප්‍රමාණයන් කාලගුණ තත්ත්වය අනුව වෙනස් වෙනවා. හිතන්නකෝ මෙහෙම දැන් අද රස්නේ ගොඩාක් තියෙනවා. එතකොට අයිසින් සීනි දීලා තියන ප්‍රමාණය ට වඩා වැඩියෙන් දාලා හදන්න ඕන. එතකොට හිතන්නකෝ අද සාමාන්‍ය කාලගුණයක් කියලා. එතකොට අයිසින් වැඩියෙන් ගන්න ඕන නෑ. අයිසින් 400 g ට බටර් 200 g .අන්න ඒ විදියට අයිසින් එකට ගොඩක් කාලගුණය බලපානවා. අයිසින් එකක් හරි පදමට හදනවා කියන්නේ හරියට වැවක් හදනවා වගේ. 👧👧👧👧

🍰 චොකලට් කේක් ගෙදරදිම හදමු... බටර් කේක් එක වගේමයි පොඩි වෙනස්කම් වගයක් තමයි සිද්ද වෙන්නේ..අවශ්‍ය ද්‍රව්‍ය :පිටි 250gසීනි ...
01/04/2025

🍰 චොකලට් කේක් ගෙදරදිම හදමු...

බටර් කේක් එක වගේමයි පොඩි වෙනස්කම් වගයක් තමයි සිද්ද වෙන්නේ..

අවශ්‍ය ද්‍රව්‍ය :

පිටි 250g
සීනි 250g
බටර් 250g (Astra හෝ කැමති ඕනම ජාතියක්)
බිත්තර 04 (පොඩි ඒවා නම් 05 ලොකු ඒවා නම් 04)
කොකෝවා පව්ඩර් මේස හැදි 02/03 (චොක්ලට් පව්ඩර්/කුඩු)
වැනිලා තේ හැදි 02
බේකින් පව්ඩර් තේ හැදි 02
බේකින් සෝඩා තේ හැදි භාගයක් වගේ (ඊට වඩා පොඩ්ඩක් අඩු උනත් කමක් නැහැ ) ( සමහරු නම් පාවිච්චි කරන්නේ නැහැ )

1kg කේක් එකක් තමයි හදන්න යන්න, ඒ නිසා ඒ ප්‍රමාණයට හරි යන කේක් තැටියක් තෝරගන්න ඕනේ.. ඒ කියන්නේ 1kg හදන්න 1kg තැටියක් ඕනේ.. ඉස්සෙල්ලාම කේක් බැටර් එක හදලා දාන්න කලින් කේක් තැටියේ ඇතුලට හොදට බටර් ගාගන්න..

කාමර උෂ්ණත්වයේ තියෙන බටර් තමයි කේක් හදන්න ගන්න ඕනේ (ගොඩක් සීතලත් නැති ගොඩක් දිය වෙලාත් නැති) බටර් ටික කේක් බැටර් එක හදන භාජනයට දාලා හොදින් බීට් කරගන්න..

ඊලගට එකතු කරන්නේ සීනි (ඉතාමත් තුනී සීනි හෝ බේලෙන්ඩර් කර කුඩුකරගත් සීනි යොදාගන්නවා නම් ලේසි) බටර් සමග සීනි එකතු කර සීනි කැට නැති වෙන තුරුම බීට් කරන ගමන් එක එක බිත්තරය (කාමර උෂ්ණත්වයේ තියෙන) බැගින් එකතුකරන්න..

බටර්,සීනි හා බිත්තර හොදින් බීට් කරගත් මිශ්‍රණයට වැනිලා තේ හැදි 02ක් එකතු කරන්න ඉන්පසු නැවත බීට් කරන්න... ඊලගට බේකින් පව්ඩර්,බේකින් සෝඩා හා පිටි දෙවරක් තුන්වරක් පෙනේරයක් ආදාරයෙන් හලා ගෙන මිශ්‍රණයට ටික ටික එකතු කර කුඩා පත්තක් ආදාරයෙන් හොදින් කවලම් කරගන්න...

ඒ සමගම කොකෝවා පව්ඩර් මේස හැදි දෙකත් එකතු කරගන්න. (කොකෝවා පව්ඩර් ටිකත් හලාගෙන එකතු කරගන්නවා නම් හොදයි නැත්තම් කැට තියෙන්න පුලුවන් ) මං නම් කේක් එක තව ටිකක් චොක්ලට් ‍රස වැඩි කරගන්න කුකින් චොක්ලට් ඩබල් බොයිල් කරලා එකතු කරගන්නවා බැටර් එකට...

අවසානයට සෙල්සියස් අංශක 180ට (සමහර අවන් වල සෙල්සියස් අංශක ගාන වෙනස් වෙන්න පුලුවන් ) විනාඩි 10/15 ප්‍රී හිට් කරගත් අවන් එකට, කලින් බටර් ගාලා හදාගත්ත කේක් තැටියට බැටර් එක දාලා (බැටර් එක තැටියට දාලා ටිකක් තැටියේ දෙපැත්තෙන් අල්ලලා තට්ටු කරන්න බිමට) විනාඩි 45ක් බේක් වෙන්න තියන්න...

බැටර් එක දැම්මට පස්සේ සැරෙන් සැරේ ඇර ඇර බලන්න එපා එහෙම උනොත් කේක් එක බහිනවා, විනාඩි 40/45 ගියාට පස්සේ ටූත්පික් එහේකින් ඇනලා බලන්න.., කේක් එක හොදට බේක් වෙලා නම් ටූත්පික් එක clear එකට තියෙයි නැතුව ටූත්පික් එකේ ගැවිලා තියෙනවා නම් තව විනාඩි ගානක් තියන්න...

Try කරලා බලන්න.... දැනුමට යමක් 😊

👍🏻 Like කරන්න Share කරන්න
(Thank You❤️)

Cd

උසස්ම තත්ත්වයේ අමුද්‍රව්‍ය යොදාගෙන නිවසේදීම සෞඛ්‍යාරක්ෂිතව සකස් කරන ලද රසවත් කේක්  😍🎂දැන් ඔබට සාධාරණ මිලකට අපෙන් ලබාගන්න...
01/04/2025

උසස්ම තත්ත්වයේ අමුද්‍රව්‍ය යොදාගෙන නිවසේදීම සෞඛ්‍යාරක්ෂිතව සකස් කරන ලද රසවත් කේක් 😍🎂

දැන් ඔබට සාධාරණ මිලකට අපෙන් ලබාගන්න පුලුවන් 🤗😍

🍁 Birthday cake
🍁 Butter Cake
🍁 Chocolate Cake
🍁 Marble Cake
🍁 Ribbon Cake
🍁 Red Velvet Cake
🍁 Cup Cakes

Ruvi Sweet Heart Cakes 👩‍🍳
💞 We bake happiness for you 💞
Call / Whatsapp - 075 - 08 11 871

ඉතාමත් පහසුවෙන් රසම රසට හදන්න බටර් කුකීස් රෙසිපිය.❤බටර් කුකීස් butter cookies 🍪බටර් ග්‍රෑම්  130g(room temperature )🍪අයි...
01/04/2025

ඉතාමත් පහසුවෙන් රසම රසට හදන්න බටර් කුකීස් රෙසිපිය.

❤බටර් කුකීස් butter cookies

🍪බටර් ග්‍රෑම් 130g(room temperature )
🍪අයිසින් පවුඩර් ග්‍රෑම් 60g
🍪පිටි ග්‍රෑම් 160g
🍪බිත්තර සුදු මද එකයි
🍪වැනිලා එසන්ස්

අයිසින් පවුඩර් ,පිටි හලා ගන්න. එයට බටර් එකතු කර කලවම් කරන්න ,බිත්තර සුදු මදය එයට එකතු කරන්න ,වැනිලා එසන්ස් ස්වල්පයක් එකතු කරන්න හොදින් කලවමි කරන්න .පයිපින් බෑග් එකකට 🌟 star nozzle එකක් දාලා, කොළයක් දැමූ trayඑකක ඈතින් ඈතින් පයිප් කරලා සෙල්සියස් අංශක 160ට විනාඩි 20ක් බෙික් කරන්න .

Cd

ඔන්න අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද කේක් එකකට සුපිරි දිලිසෙන, කඩේකින් ගත්තා වගේ මිරර් ග්ලේස් එකක් දාන්නේ කියලා. ඔය...
01/04/2025

ඔන්න අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද කේක් එකකට සුපිරි දිලිසෙන, කඩේකින් ගත්තා වගේ මිරර් ග්ලේස් එකක් දාන්නේ කියලා. ඔයාලගේ කේක් එකට ඒක දැම්මම පට්ටම ග්ලොසි ලුක් එකක් එනවා. ඉතින් අපි පටන් ගමුද?

පළවෙනිම දේ තමයි ඔයාගේ කේක් එක ලෑස්ති කරගන්න එක:

* හොඳට ක්‍රීම් දාන්න ඕනේ: මතක තියාගන්න, ඔයාගේ කේක් එකේ උඩ තියෙන ක්‍රීම් ලේයර් එක සමතලා වෙන්න ඕනේ. පොඩි ගැටිත්තක් හරි තිබ්බොත් ඒක අනිවාර්යයෙන්ම මිරර් ග්ලේස් එකෙන් පේනවා. ඒ නිසා හොඳට පරිස්සමෙන් බටර් ක්‍රීම් හරි ගනාෂ් හරි දාලා ලස්සනට ෆිනිෂ් කරගන්න. තේරුණාද?
* ශීතකරණයේ දාන්නම ඕනේ හොඳටම: මේක නම් අනිවාර්ය දෙයක්! ඔයා ක්‍රීම් දාපු කේක් එක හොඳටම හයි වෙන්න ශීතකරණයේ දාන්න ඕනේ. අඩුම පැය දෙක තුනක්වත් තියන්න. හොඳම දේ තමයි මුළු රෑම තියෙන එක. එතකොට ග්ලේස් එක වක්කරනකොට ඒක ඉක්මනට සෙට් වෙනවා, ඒ වගේම ලස්සනට ඒකාකාරීව එනවා. මතකනේ, කේක් එක වයර් රැක් එකක් උඩින් තියලා ඒක යටින් බේකින් ෂීට් එකක් තියන්න. එතකොට ගලාගෙන එන ග්ලේස් එක ආයෙත් පාවිච්චි කරන්න පුළුවන්.
දැන් අපි බලමු මිරර් ග්ලේස් එක හදාගන්නේ කොහොමද කියලා:
* කලින්ම හදලා තියාගන්න: මේකත් හරිම වැදගත්! මිරර් ග්ලේස් එක ඔයා කේක් එකට දාන්න කලින් දවසේ හදලා තියන්න. එතකොට ඒකේ තියෙන බුබුළු ඔක්කොම නැතිවෙලා යනවා. සාමාන්‍යයෙන් සුදු චොකලට්, උකු කිරි, සීනි, ජෙලටින් සහ වතුර තමයි දාන්නේ. ඔයාට ඕන පාට ගන්න ඔයිල් බේස්ඩ් හරි ජෙල් බේස්ඩ් හරි ෆුඩ් කලරින්ග් ටිකක් එකතු කරගන්නත් පුළුවන්.

* ටෙම්පරේචර් එක හරියටම තියෙන්න ඕනේ: මේක තමයි ගොඩක්ම වැදගත් දේ! ඔයා ග්ලේස් එක කේක් එකට වක්කරනකොට ඒක හරියටම උෂ්ණත්වයෙ තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 27ත් 32ත් අතර (80-90°F) තමයි හොඳම. ඒක නිසා උෂ්ණත්වමානයක් පාවිච්චි කරලා බලන්න. වැඩියි වුණොත් කේක් එක දියවෙලා යයි. මදි වුණොත් ගොඩක් ඝන වෙලා හරියට පැතිරෙන්නේ නැහැ.

* පෙරාගන්න හොඳටම: ග්ලේස් එක හරියන උෂ්ණත්වයට ආවම හොඳට සිහින් දැලක් තියෙන පෙරනයකින් පෙරාගන්න. එතකොට ඒකේ තියෙන පොඩි ගැටිති හරි ඉතුරු වෙලා තියෙන බුබුළු හරි ඔක්කොම ඉවත් වෙනවා. එතකොට ඔයාට හරිම සිනිඳු ග්ලේස් එකක් ගන්න පුළුවන්.

දැන් අපි කේක් එකට ග්ලේස් එක දාමු:♥️♥️♥️

* කේක් එක උස්සලා තියන්න: ඔයා ශීතකරණයෙන් ගත්ත කේක් එක වයර් රැක් එකක් උඩින් තියන්න. ඒක යටින් බේකින් ෂීට් එකක් හරි නොගැඹුරු බඳුනක් හරි තියන්න. එතකොට අමතර ග්ලේස් එක බේරිලා යයි.

* සෙමින් වක්කරන්න: ග්ලේස් එක කේක් එකේ මැද්දට සෙමින් වක්කරන්න. ඒක එතකොට පැතිරෙන්න අරන් දෙපැත්තෙන් පහළට ගලාගෙන යයි.

* ඉක්මනට වැඩ කරන්න: ග්ලේස් එක සීතල කේක් එකේ වැදුණ ගමන් සෙට් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ගොඩක් වෙලා අත ගාන්න හරි පැතිරවන්න හරි උත්සාහ කරන්න එපා. එහෙම කළොත් ඒකාකාරීව එන්නේ නැහැ.

* අමතර ටික බේරෙන්න හරින්න: විනාඩි 10-15ක් විතර අමතර ග්ලේස් එක බේරෙන්න දෙන්න. ටිකක් තට්ටු කරලා බේරෙන එක වේගවත් කරන්නත් පුළුවන්.

* පැති අස් කරන්න: පිරිසිදු ස්පැටුල එකක් පාවිච්චි කරලා කේක් එකේ පහළ දාරවලින් එල්ලෙන ග්ලේස් බිංදු පරිස්සමෙන් කපා අයින් කරන්න.

අවසාන වැඩ ටික:
* ශීතකරණයේ දාන්න ආයෙත්: ග්ලේස් කරපු කේක් එක පරිස්සමෙන් අරගෙන අවම වශයෙන් පැයක්වත් ශීතකරණයේ තියන්න. එතකොට ග්ලේස් එක හොඳටම සෙට් වෙයි.

* සැරසිලි (අවශ්‍ය නම්): ග්ලේස් එක සෙට් වුණාම ඔයාට කැමති විදිහට පලතුරු, චොකලට් කැබලි හරි දිලිසෙන කුඩු හරි දාලා සරසගන්න පුළුවන්.

සාර්ථකත්වයට වැදගත් උපදෙස්:

* හොඳම දේවල් පාවිච්චි කරන්න: විශේෂයෙන්ම හොඳ වයිට් චොකලට් පාවිච්චි කරන්න. එතකොට තමයි හොඳ දිලිසෙන ගතියක් එන්නේ.
* ග්ලේස් එක රත් වැඩිය කරන්න එපා: එහෙම වුණොත් චොකලට් කැටි ගැහෙන්න පුළුවන්.
* සෙමින් කලවම් කරන්න: ගොඩක් බුබුළු එන විදිහට ග්ලේස් එක ගහන්න එපා.
* ග්ලේස් එකේ පදම බලන්න: වක්කරන්න කලින් හැන්දකින් ටිකක් අරන් බලන්න. ඒක හැන්දේ පිටිපස්සේ හොඳට ඒකාකාරීව තැවරෙන්න ඕනේ.
* කේක් එක හොඳටම ශීතකරණයේ දාන්න: මේක නම් අනිවාර්ය දෙයක්. එතකොට තමයි ලස්සනට එන්නේ.
* ඉවසන්න: ග්ලේස් එක බේරෙන්නයි සෙට් වෙන්නයි ටිකක් වෙලා දෙන්න.
* කුඩා අඩුපාඩු ගණන් ගන්න එපා: සමහර වෙලාවට පොඩි පොඩි බුබුළු එන එක සාමාන්‍ය දෙයක්. ඒකත් ටූත් පික් තුඩකින් අයින් කරන්න පුලුවන්
ඔන්න ඔය විදිහට තමයි ලස්සන මිරර් ග්ලේස් එකක් කේක් එකකට දාන්නේ. ට්‍රයි කරලා බලන්නකෝ! ඔයාලටත් පුළුවන් සුපිරි කේක් එකක් හදන්න. සුබ පැතුම්!

ඹන්න දැනගන්න අවශ්‍ය සියලුම දේවල් කියලා දුන්නා විතරක් නෙමෙි ඊයේ රෙසිපි එකත් දැමිමා...

Cd

මම අද පොල් කේක් එකක්  හැදුවා . මෙහෙමයි මම හැදුවේ . අවශ්‍ය දේවල් සිහින්ව ගා ගත් පොල්   300gපාන් පිටි   150gසීනි    225g  ...
01/04/2025

මම අද පොල් කේක් එකක් හැදුවා . මෙහෙමයි මම හැදුවේ .

අවශ්‍ය දේවල්

සිහින්ව ගා ගත් පොල් 300g
පාන් පිටි 150g
සීනි 225g (දුබුරු පාට )
බිත්තර 2
රටඉදි 100g
වියලි මිදි 50g
කජු තිබුනේ නැහැ . ඒ වෙනුවට රටකජු දැම්මා
වැනිලා තේ හැඳි 2
බේකින් පවුඩර් තේ හැඳි 1/2
බේකින් සෝඩා තේ හැඳි 1/2
උණු වතුර 200ml

මුලින්ම පොල් කේක් එක බේක් කරන ට්‍රේ එකට මාජරීන් හෝ තෙල් ගා යටට පාච්මන්ට් හෝ තෙල් කඩදාසියක් එලා එහිත් මාජරීන් ගාන්න . පැත්තකින් තබන්න .

Dan රටඉදි , වියලි මිදි සහ කජු කපන්න . පැත්තකින් තබන්න .

පෙනේරයකට පාන් පිටි , බේකින් පවුඩර් සහ බේකින් සෝඩා දමා හලා පැත්තකින් තබන්න .

භාජනයක් ලිප තබා එයට සීනි මේස හැදි 4 දමා කැරමල් කරන්න පසුව එයට උණු වතුර 200ml දමා ඉතිරි සීනි ටික දමා උණු කරන්න . සීනි බුබුළු දමන විට පොල් ටික එකතු කර හොදින් කලවම් කර පොල් පැණි සාදා ගන්න . පොල් පැණි එක තෙත ගතියට තිබිය යුතුයි . එලෙස ලිපෙන් ඉවත් කර නිවෙන්න තබන්න .

බිත්තර 2 භාජනයකට දමා ව්ස්ක් එකෙන් ටිකක් විස්ක් කරන්න . එයට වැනිලා එකතු කරන්න .විස්ක් කරන්න .පසුව කපා ගත් රට ඉදි , වියලි මිදි සහ කජු දමා විස්ක් කරන්න. Dan මෙම මිශ්‍රණය පොල් පැණි එකට දමා මිශ්‍ර කරන්න . අවසානෙට පිටි මිශ්‍රණය දමා spatula එකකින් හෝ හැන්දකින් කලවම් කරන්න .

Dan මිශ්‍රණය ලැස්ති කර ගත් ට්‍රේ එකට දමන්න . දෙපාරක් tap කරන්න .

උශ්නත්වය 180ට විනාඩි 10 pre heat වු oven ake විනාඩි 35 40 පමණ බේක් කරන්න . බේක් වුවාට පසු ට්‍රේ එකෙන් ඉවතට ගෙන නිවෙන්න තියන්න. නිවුනාට පසු කපා කන්න .

Cd..

Address

Habaraduwa
Galle
80630

Website

Alerts

Be the first to know and let us send you an email when Ruvi Sweet Heart Cakes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category