Bonny Flora Supplier

Bonny Flora Supplier Flora supplies

04/09/2024
04/09/2024
03/09/2024

😍😍🇱🇰✊

03/09/2024

තම රාජකාරි ජීවිතය තුළ ලබාගත් බොහෝ අත්දැකීම් කතා කරන්න මෙතෙක් වේදිකාවක් තිබුණේ නැති බව හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ පවසනවා. මේ රට හොරුන්ගෙන් දූෂිතයන්ගෙන් පිරී තිබුණු ආකාරය සියල්ලන්ම දන්නා බවයි ඔහු කියන්නේ.

“රට බංකොලොත්භාවයට හැරවූ ප්‍රධාන කඩඉම 2015 බැඳුම්කර වංචාව යි. එයින් ඒ මොහොතේ සිදුවූ බලපෑම සහ ඉදිරි අනාගතයේ තවත් බොහෝ කාලයකට බලපෑම් සිදුවෙනවා. නමුත් ඔවුන් අද වේදිකාවට ගොඩවී නැවතත් රට ගොඩනගන්න බලය ඉල්ලා සිටිනවා.

රට බංකොලොත් කිරීමේ වැරදිකරුවන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ තවත් කණ්ඩායමක් ඉන්නවා. ඔවුනුත් තවත් වේදිකාවක ඉඳලා රට ගොඩනඟන්න අවස්ථාව ඉල්ලා සිටිනවා. පසුගිය අවුරුදු 76ක කාලය පුරාම රට බංකොලොත් කරන්න දායක වූ පිරිස වේදිකා තුනකට බෙදිලා රට සංවර්ධනය කරන්න බලය ඉල්ලනවා. තවත් කණ්ඩායමක් රට IMF එකට බාරදීලා රට ගොඩනැගූ බව කියමින් බලය ඉල්ලනවා. මේක පුදුම සහගත විහිළුවක් බවට පත්වී තිබෙනවා.

විගණකාධිපතිවරයා විසින් 2017 ඉඳලා රට බංකොලොත් වෙනවාය කියන අනතුරු ඇඟවීම සහිත වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. විශේෂයෙන්ම 2015දී සිදු කළ බිලියන 6.5ක බැඳුම්කර වංචාවත් එක්ක මේ රට ගමන් කරන මාර්ගය වැරදියි කියන දේ අපි පැහැදිලිව පෙන්වා දුන්නා. රටේ මූල්‍ය පාලනය සම්පූර්ණයෙන්ම අසාර්ථක බවට පාර්ලිමේන්තුව දැනුවත් කළා. නමුත් ඒ කිසිදු වාර්තාවක් කෙරෙහි පාර්ලිමේන්තුවේ අවධානය යොමුකර වැඩපිළිවෙළක් සකස් කළේ නැහැ.

විශේෂයෙන්ම 2016දී මුදල් අමාත්‍යාංශය විසින් ලබාදුන් ගිණුම් වැරදි නිසා විගණකාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කළා. එහි සඳහන් වත්කම් සහ ණය ප්‍රමාණය සම්බන්ධ දත්ත වැරදි බව පෙන්වා දුන්නා. පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. නමුත් පාර්ලිමේන්තුව ඒ කිසිම දෙයක් ගණන් නොගෙන රට බංකොලොත් වෙන්න ඉඩ හැරියා.

2016 මුදල් අමාත්‍යාංශයේ ගිණුම් විගණකාධිපතිවරයා ප්‍රතික්ෂේප කළ අවස්ථාවේ පාර්ලිමේන්තුවේදී ලැබුණු විනාඩි 20ක කාලය තුළ කතා කළේ අනුර කුමාර සහෝදරයා විතරයි. වෙන කිසිකෙනෙක් ඒ ගැන කතා නොකර මුදල් අමාත්‍යාංශයේ ගිණුම් පාර්ලිමේන්තුවේ දී සම්මත කර දුන්නා. 2022 දී රට බංකොලොත් වුණේ ඒවාගේ ප්‍රතිඵල හැටියට.

2017 දී ණය කළමනාකරණය පිළිබඳව විශේෂ වාර්තාවක් අපි සකස් කළා. පසුගිය අවුරුදු 50ක ණය ගැනීම් පිළිබඳව විශ්ලේෂණය කර, මේ ණය ගැනීම් සහ ඒ ආශ්‍රිත දුෂණ වංචා වහාම නතර කරන ලෙස දැනුම් දුන්නා. නමුත් ඒ කිසි දෙයක් පසුගිය කාලයේ රට පාලනය කළ පුද්ගලයන් ගණන් ගත්තේ නැහැ. ඒ වැරදි දිගින් දිගටම සිදුකර ගෙන ගියා. උදාහරණයක් හැටියට ඩී.ඒ. රාජපක්ෂගේ සොහොන් කොත් ඉදිකිරීමට මූල්‍ය අවභාවිතා කළ ආකාරය දක්වන්න පුළුවන්. විගණන වාර්තාවෙන් ඒ බව හෙළි කිරීම නිසා වැය කළ මුදලින් කොටසක් නැවත ගෙවා තිබුණා. විල්පත්තුවේ වන විනාශය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පවා විගණන වාර්තා පදනම් කරගෙන තීන්දුවක් දුන්නා. නමුත් ඒ නියෝග ඒ ආකාරයෙන් ඉටු නොකර, අද වේදිකාවල සිටිමින් රට සංවර්ධනය කරන්න බලය ඉල්ලනවා. ඔවුන් ඉදිරියේදී එවැනි ක්‍රියා නොකර සිටීවී යැයි මම නම් විශ්වාස කරන්නේ නැහැ.

ඒ වගේම සතොසෙන් හාල් ගෙන්වීමෙ අලාභය 2016 - 2017 කාලයේ රුපියල් බිලියන 16ක් බවත් ඒ මුදල වහාම අදාළ අයගෙන් අයකර ගන්න ක්‍රියා කරන ලෙසත් නිර්දේශ කළා. නමුත් එය සම්පූර්ණයෙන්ම යට ගසා දැම්මා. දේශපාලකයන් විසින් රාජ්‍ය සේවයත්, රාජ්‍ය සේවයේ ගෞරවයත් සම්පූර්ණයෙන්ම විනාශ කළා. මේ වගේ තත්වයක් යටතේ මෙතෙක් ආණ්ඩු කළ දේශපාලන පක්ෂවලට බලය දෙන්න ඉඩ හැරිය නොහැකියි. අපි මේ මාධ්‍ය හමුවට පැමිණියේ ඒ නිසයි. විශ්වාසය තැබිය හැකි තැනකට රට බාර දෙන්න ඕනෑ. IMF එකට රට සම්පූර්ණයෙන්ම බාරදීලා කිසි දවසක ගොඩගන්න ලැබෙන්නේ නැහැ. එවැනි මාර්ගයක ගිය රටවල් සම්පූර්ණයෙන්ම විනාශ වුණා. අපේ රටත් දහසය වැනි වරට IMF එකට ගිහින් ඩොලර් බිලියන 03කට ආසන්න ණයක් අරගෙන ගොඩගන්න ලැබෙන්නේ නැහැ. මුදල් අමාත්‍යාංශයේ පළවැනි කාර්තුවට අදාළ ණය බුලටින් එකෙන් ඒ බව තහවුරු වෙනවා. මේ වන විට රටේ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 100 ඉක්මවා ගිහින් තිබෙනවා. රට අගාධයෙන් ගොඩගත් බව ප්‍රකාශ කළද, ඇත්ත වශයෙන්ම එහෙම දෙයක් සිදුවී නැති බව එයින් පැහැදිලියි. භාණ්ඩාගාරයේ ඍණ ශේෂය රුපියල ට්‍රිලියන 22ක් බව විගණන වාර්තාවේ සඳහන් වෙනවා. එවැනි රටක් ගොඩගෙන ඇති බව කියන්නේ කොහොමද? මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කර තිබෙන දත්ත අනුව දවසක රජයේ ආදායම රුපියල් කෝටි 850යි. නමුත් දවසක මුළු වියදම රුපියල් කෝටි 1490යි. ඒ කියන්නේ දවසකට රුපියල් කෝටි 660ක ණය ගන්නා ආර්ථිකයක් අද පවතින්නේ. එහෙම තිබිය දී රාජ්‍ය සේවකයන්ගේ පඩි දෙගුණයකින් වැඩිකරන බව ප්‍රකාශ කිරීම පිළිගත හැකිද?

රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි නොකළ යුතු බව එයින් කියැවෙන්නේ නැහැ. රුපියල් කෝටි 1490ක් වන දවසක රජයේ වියදම අවම කර ගනිමින් වංචා දූෂණ නැවැත්වීම මෙතෙක් බලයේ සිටි කිසිම පක්ෂයකට කරන්න බැහැ. එය කළ හැක්කේ රටේ වංචාව, දූෂණය සහ නාස්තිය සම්පූර්ණයෙන්ම නතර කළ හැකි බලවේගයකට පමණයි. දේශපාලකයන් සිදුකරන දූෂණය සම්පූර්ණයෙන්ම නතර කර, මේ රට වෙනස්ම යුගයකට පරිවර්තනය කළ යුතුයි. දුප්පත්කම නඩත්තු කරමින් යන දේශපාලන පක්ෂ කිසි එකකට මේ රට මෙතනින් ගොඩගන්න බැහැ. විකල්ප වැඩපිළිවෙළක් තිබෙන මාලිමාව යටතේ මේ වෙනස කළ හැකි බවට විශ්වාසයක් අපට ගොඩනැගී තිබෙනවා. රාජ්‍ය අංශය ගෞරවාන්විත රාජ්‍ය අංශයක් බවට පරිවර්තනය කර ගන්න, දේශපාලන බලපෑම්වලින් තොර, රාජ්‍ය අංශයක් බවට පරිවර්තනය කර ගන්න තමන්ගේ ආත්මගරුත්වය ඇතිව කෙලින් සිටගත හැකි රටක් ගොඩනැගීම අත්‍යවශ්‍යයි. මේ වෙනුවෙන් තමන්ගේ තැපැල් ඡන්දය භාවිතා කරන්න කියන ඉල්ලීම ඉතා ඕනෑකමින් කරනවා” යි හිටපු විගණකාධිපතිවරයා පවසනවා.
#රටඅනුරට #විසඳුම #මාලිමාව

02/09/2024
02/09/2024

Address

No. 126E, Kuruduwatta, Udugama Road
Galle

Telephone

+94773306847

Website

Alerts

Be the first to know and let us send you an email when Bonny Flora Supplier posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Restaurant

Send a message to Bonny Flora Supplier:

Shortcuts

Share

Category