03/11/2025
🌶️ ලංකාවේ සැරයි, 🍫 ප්රංශයේ මිහිරයි එකට මුණගැහෙන අපේ පුංචි මුළුතැන්ගෙයින් මුළු ලෝකෙට රස බෙදන්න අපිත් එක්ක එකතු වෙන්න!😋
🇱🇰 ජීවිතේ වැඩි කාලයක් ලංකාවේ හැදී වැඩුණු අපිට, අපේ රටේ අපේ කෑම වල රස සුවඳ, අගය හරියටම තේරුම් ගියේ කරදිය වළල්ල පැන්නට පස්සේ තමයි 🥹 හිතට හිතෙන වෙලේක කෙසෙල් කොලේක බත් කටක් කන්න, හංදියට ගිහින් කොත්තුවක් කන්න තියන ආසාව තාමත් එහෙමමයි.
🇫🇷 නැගෙනහිර ප්රංශයේ අල්සාස් කියන සුන්දර පළාතේ ජීවත් වෙන ගමන්, අපිට හුරුපුරුදු රසවල් අපිට පුළුපුළුවන් හැටියට හදාගන්න දාන වැඩ ටික දන්නේ ඉතින් අපි තමයි! 😵 ඒත් එහෙම ඉන්න ගමන්, ප්රංශය ඇතුළු යුරෝපයේ රස කෑම බීම අත්හදා බලන්නත්, අලුත් දේවල් try කරලා බලන්නත් අපි අමතක කරන්නේ නෑ. ඒකත් අපිට ඉහළින් ලැබෙන ආශිර්වාදයක් කියලා අපි හිතනවා. 😇
🥘 ඉතින් අපි හිතුවා මේ අපේ පුංචි මුළුතැන්ගේ අත්දැකීම් වගේම රස වට්ටෝරු අපේ යාලුවො එක්ක බෙදා හදා ගන්න ඕනේ කියලා. මේක ඔයාලට වගේම අපිටත් අලුත් අත්දැකීමක්, අලුත් අභියෝගයක්. වෙනස් විදිහට කෑම අත්හදා බලන්න කැමති ඔයාට, මේ අභියෝගයට අපිට උදව් වෙන්න කරන්න තියෙන්නේ මෙච්චරයි:
✅ අපේ page එක follow කරන්න
✅ ඔයා වගේම අලුත් දේවල් අත්හදා බලන්න කැමති ඔයා දන්න 3 දෙනෙක් එක්ක අපේ මේ page එක බෙදා ගන්න
🇱🇰🤝🇫🇷 ලංකාවේ අපේ කෑමයි, ප්රංශයේ අපූරු වට්ටෝරුයි එකට හම්බෙන අපේ සොඳුරු මුළුතැන්ගේ විස්තර අරගෙන අපි ආයෙත් හම්බෙමු!